භාතිය හස්ති රාජයාගේ මරණය මේ වන විට රටේ බොහෝ දෙනෙකු කම්පා කළ සිද්ධියක් බවට පත්ව තිබෙනවා.
මෙලෙස සිත් පිත් නැති මිනිසෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය යන්නේ එසේ මෙසේ හස්තියෙකු නොවේ.
මෙලෙස අද අවසන් සුසුම් හෙළුවේ මෙරට වනාන්තර පද්ධතියේ ජීවත් වූ ඇතුන් අතරින් පිරිපුන්ම දළ යුගලක් හිමි වූ දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වූ භාතිය නමැති හස්තියායි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව මාස දෙකකට අධික කාලයක් පීඩා විඳි භාතිය හස්තියා සුවපත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව වෛද්‍ය කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් දැඩි ප්රයත්නයක නිරත වුණා.
දින ගණනාවක් ජලය තුළ සිටීම ඇතුළු හේතු ගණනාවක් මත මෙම ප්රතාපවත් හස්තියාගේ මාංශපේෂී දියවී ගොස් රුධිර සංසරණයටද බාධා එල්ල වී ඉකුත් දින කිහිපය පුරා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණා.
භාතිය හස්තියාට සිදු වූ මෙම අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේද කතාබහට ලක්ව තිබෙනවා.
මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
රටට සම්පතක් වූ ඉතිරි වී ඇති වන අලින් රැකගැනීම බලධාරීන්ගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේද වගකීමක් බව නෙත් නිවුස් යළි යළිත් සිහි කැඳවනවා.