Published
රුසියාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 8යි දශම 8ක්.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණා.
රුසියාවේ කම්චැට්කාහි සමහර ප්‍රදේශවලට අඩි 10ත් 13ත් අතර උසකින් යුත් මුහුදු රළ කඩාවැඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රදේශයට ද අඟල් 12ක මුහුදු රළ කඩාවැඳී තිබෙනවා.
අමෙරිකාවේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයකට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේ අද ඇති වූ මෙම භූමිකම්පාව 1952න් පසු එරටට බලපෑ දරුණුතම භූමිකම්පාවයි.
බලධාරීන් දැන් අනතුරු අඟවා ඇත්තේ ප්‍රබල පසු කම්පන ඇතිවීමේ අවදානමක් ද මතුව ඇති බවයි.