නුවරඑලියේ සිට කොළඹ දක්වා වලංගු බලපත්‍රයක් නොමැතිව මගියෙකුගෙන් රු.2000ක මුදලක් අය කර ධාවනය කල බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අධිකරණ හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරිවරයෙකු පවසනවා.

ඉකුත් (02) දින නුවරඑළියේ සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනය වු එම පෞද්ගලික බස් රථය ගමන් ගත් එක් මගියෙකුගෙන් රු.2000සිට රු.4000දක්වා විවිධ මිල ගනන් අය කරමින් බස් රථය ධාවනය කර ඇති බවත්, එම බස් රථයේ රියදුරා බීමත්ව බස් රථය ධාවනය කරන බවට සැක සිතුනු එම බස් රථයේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු වටවල ප්‍රදේශයේදි බස් රථයෙන් බැස හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෙනත් බස් රථවලින් පිටව ගොස් තිබෙනවා.

එම බස් රථයේ වැඩිපුර මුදල් අය කරමින් බස් රථය කොළඹ දක්වා ධාවනය කරන බවට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් දුරකථනයෙන් කල පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ඒ පිලිබදව බැස්ටියන් මාවතේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින්ට දැනුම් දී බස් රථය රියදුරා සහ කොන්දොස්තරවරයාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.