ඉතාමත්ම අපරෙක්ෂාකාරි ආකාරයෙන් මාර්ගයේ ධාවනය වන බවට එම බස් රථයේ ම සිටින් මගීන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන්

බණ්ඩාරවෙල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක එක් කොටසක් ඇල වී ඉතාමත්ම අපරෙක්ෂාකාරි ආකාරයෙන් මාර්ගයේ ධාවනය වන බවට එම බස් රථයේ ම සිටින් මගීන් පිරිසක් තණමල්විල මූලස්ථාන පොලිසියට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

පසුව වහාම ක්‍රියාත්මක වූ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් තණමල්විල ප්‍රදේශයේ දී බස් රථය නතර කර පරික්ෂාවකට ලක් කර ඇත.

තවද වැඩි දුර පරීක්ෂණයක් සදහා බස් රථය තණමල්විල ඩීපෝවට යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ එක් කොටසක දුණුකොළ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

එම දුණුකොල සකස් කර බස් රථය මගීන් සමග යලි ගමනාගමනයට ඉඩ සකස් කර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.