Published
ආරක්ෂක අංශ අණ නොතකා මගීන් 70ක් සමඟ ධාවනය කළ බස් රථයක් මේ වන විට කලා වැවේ පාලම මත සිරවී තිබෙනවා.
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම මත සිරවී ඇති මෙම බස් රථයේ සිටින පිරිස් බේරා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා.
මගීන් 70ක් සමඟ ධාවනය කළ මෙම බස් රථයේ සිටින පිරිස් බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ පූනෑව කඳවුරේ භට පිරිස් මේ වන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව පැවසුවා.




