මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිනීවළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශය නිරීක්ෂණය කරමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අදාළ පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. පසුගිය වකවානුවලදී අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන වත්මන් රජය ආරම්භ කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබඳව තැබූ විශ්වාසය හේතුවෙන් අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධ පැමිණිලි ලැබීම වැඩී වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ. ඒ අනුව චෙම්මිණි සමුහ මිනී වළේ කැණිම් කටයුතු මේ වන විට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලයේ මැදිහත්වීමෙන් සාර්ථකව සිදු වන බවද ඔහු සඳහන් කළා. එමෙන්ම මෙවැනි පරීක්ෂණ කටයුතු සිදු කරමින් අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණිය අවසානයක් ලබාදීමට ක්‍රියා කරන බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේ.
Published