ආපදා හේතුවෙන් මියගිය ජනතාව සහ මුදාගැනීමේ මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ රටට සෙත් පතා විශේෂ ආගමික වැඩසටහනක් අද පස්වරුවේ පැවැත්වීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කළා.

සවස 06.00ට මෙම වැඩසටහන ආරම්භ වුණේa සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන්.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආධාර ලබාදීමේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා.

ඒ නුවරඑළිය, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීයි.

නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

මේ අතර “දිරිය නෙත්” ක්‍රියාන්විතය සමග “තමාට පෙර රට” තේමාව යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද අත්වැල් බැඳගෙන සිටිනවා.