මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඒ යටතේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද පැවති උත්සවයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා.