මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට සමාජයෙන් ද උපකාර අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
ඇතැම් ව්‍යාපාරවල නිරත පාර්ශව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට මත්ද්‍රව්‍ය ලබාදී සිය රාජකාරින් ඉටුකරවා ගැනීමට පෙළඹී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
සිය ලාභය ඉහළ දමාගැනීම සඳහා එලෙස මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන්ගෙන් රාජකාරි ඉටු නොකර ගන්නා ලෙසට ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා එම පාර්ශ්ව වලින් ඉල්ලීමක් ද කළා.
මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.
ඒ යටතේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.