මත්ද්‍රව්‍ය උවදුර රට තුළින් තුරන් කිරීමට රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළ විහිලුවක් බවට පත් නොකර යම් කිසි ක්‍රමවේදයක් අනුව සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුමන ආණ්ඩුවක් යටතේ වුවද මෙම උවදුර අවසන් කළ යුතු බවයි.

ඉදිරියේ ගෙන යනු ලබන අය වැය තුළින් මත් උවදුර රට තුළින් තුරන් කිරීමට විශාල මුදලක් වෙන් කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පවසනවා.

වත්මන් ආණ්ඩු කාලසීමාව තුළදී රට තුළින් මත් උවදුර තුරන් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.