Published
මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ තරුණ පරම්පරාව පමණක් නොව පාසල් ළමුන්ද මේ වන විට ඊට ගොදුරු කර ගනිමින් සිටින බවයි.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ පාලනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවද ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ “රට නගන ගුරු පවුර“ යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ අද පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ගුරු සමුළුව අමතමින්.


