මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගේ මුදල් සංසරණය කිරීමට සම්බන්ධ සැකකාරියක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරිය විසින් විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් මුදල් සංසරණය කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික බැංකු දෙකක ගිණුම් දෙකක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඇය එම මුදල් සංසරණය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාරිය 28 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.