Published
නීතිවිරෝධී ආකාරයෙන් ආදායම් ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පැවසුවේ එම අපරාධකරුවන්ට එරෙහිව 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත හරහා ඊට අදාළ විමර්ශන සිදු කෙරෙන බවයි.
ඒ හරහා සිදු කෙරුණු විමර්ශනවලදී අත්අඩංගුවට ගත් කපු මහතෙකු සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු දැක්වුවා.



