දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 512ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 512කට අදාළවයි.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 154ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 261ක්, ගංජා කිලෝ ග්‍රෑම් 08ක් සහ මත් පෙති 962ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදීයි.

එම ගණන 179ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.