Published
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට සැකකරුවන් 449ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 451කට අදාළවයි.
එම වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 686ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205ක්, ගංජා කිලෝ ග්‍රෑම් 03ක්, ගංජා පැළ 5,133ක්, සහ මත්පෙති 2,276ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.