දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

අද උදෑසන 06ට පමණ මෙම යාත්‍රාව එම ධීවර වරායට ළඟා වූ බවයි නාවික හමුදාව පැවසුවේ.

අදාළ බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම යාත්‍රාවේ තිබී සොයාගත් මලු‍ 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය අයිස් හා හෙරොයින් බවට හඳුනාගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම යාත්‍රාව ගන්දරින් පිටත්ව ගොස් තිබූ බවයි.