විෂ මත් උවදුරට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවයි.
ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවත් ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත්තේ.
දැනට සැලසුම් කර ඇති පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින රස පරීක්ෂක තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඊට සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා මෙතෙක් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මෙහිදී අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරිමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විජේසූරිය මහතාද එහිදී අදහස් පළ කළා.
මේ අතර, මත් රකුසා රටෙන් තුරන් කිරීමේ අරමුණෙන් ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් අපිද මෙම කාර්යයට මාධ්‍ය නාළිකාවක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා.




