ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි හට මතුගම ප්‍රදේශයේ සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් “මතුගම ශාන්” නමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ අදාළ පුද්ගලයා විවිධ දේශපාලන පක්ෂ සමග සබඳතා පවත්වා ඇති බවයි.

“මතුගම ශාන්” නමැති පුද්ගලයා සමග තමන්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලාංඡනය උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඇතැම් ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූප බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.