Published
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට ලබාදී ඇති ආරක්ෂාව සහ ඔහුට ඇති තර්ජන පිළිබඳ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතාගෙන් ප්‍රශ්න කළා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.




