Published
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද භාරවී ඇති බවයි වාර්තා වුණේ.
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු අගෝස්තු පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මේ අතර ආන්දෝලනාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි අධිකරණය නියෝග කළේ.