මන්නාරම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කමිටුවක් හරහා මේ වන විට විශේෂ සොයා බැලීමක් සිදු කරමින් ඇතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. අදාළ කමිටු නිර්දේශ ලැබීමෙන් පසු සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ මන්නාරම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවති සාකච්ඡාවකදීයි.