ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට බරපතල තර්ජනයක් බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.
ඔහු එම අදහස් පළ කළේ “ත්‍රස්තවාදයේ මානව පිරිවැය” යන මැයෙන් එක්සත් ජාතීන්ගේ ඉන්දියානු නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එල්වෙමින්.
ඊට අයෝමය හස්තයකින් මුහුණ දිය යුතු ආකාරය ඔහු එහිදී සිදු කළ ප්‍රකාශයේදී අවධානයට යොමු කර තිබුණා.
ත්‍රස්තවාදීන්ට දණ්ඩමුක්තිය ලබා නොදීම, න්‍යෂ්ටික බලහත්කාරකම්වලට යටත් නොවීම වැනි ප්‍රශ්නවලට එරෙහිව ලෝකය එක්ව නැගී සිටිය යුතු බවයි
අප්‍රේල් 22 වන දින ජම්මු හා කාශ්මීරයේ පහළල්ගම් හි සිදු වූ බිහිසුණු පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැඩි ලෙස හෙළා දැක ඇති ආකාරය ද එහිදී ඔහු සිහිපත් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති එම ප්‍රදර්ශනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට ඇති ලොකුම තර්ජනයක් බවයි.
එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්, නීති රීති සහ සම්මතයන් සහ ජාතීන් එකිනෙකා සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය වෙනුවෙන් පෙනී සිටින සෑම දෙයකම ප්‍රතිවිරුද්ධය බව ද ඔහු පැවසුවා.
ත්‍රස්තවාදයට අසල්වැසියෙකුට එරෙහිව රාජ්‍යයක් විසින් අනුබල දෙන විට, අන්තවාදයේ ආගම්වාදයෙන් එය පෝෂණය වන විට, නීති විරෝධී ක්‍රියාකාරකම් රාශියක් මෙහෙයවන විට, එය ප්‍රසිද්ධියේ කැඳවීම අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.