ගෝලීය තාක්‍ෂණ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් වසර 25 කට පසු පාකිස්තානයේ මෙහෙයුම් නවතා ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් එහි සේවකයින් දැනුවත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Microsoft සමාගම ඉකුත් දා එහි තවත් සේවකයින් 9,000 ක් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ නිවේදනය කර තිබිණි.

ඊට සමගාමීව පකිස්ථානයේ මෙහෙයුම් නවතා දැමීම සම්බන්ධයෙන් ද වාර්තා වේ.

කෙසේ වෙතත්, මයික්‍රොසොෆ්ට් සමාගම පකිස්තානයේ මෙහෙයුම් නවතා දැමීම බොහෝ දෙනා දකින්නේ රටෙහි ගැඹුරු ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් ලෙස ය.

දුර්වල වෙමින් පවතින මුදල් ඒකකයක්, තාක්‍ෂණයේ ඉහළ ආනයන බාධක සහ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය වැනි සාධක බහුජාතික සමාගම් සඳහා නුසුදුසු පරිසරයක් නිර්මාණය කර ඇත.

මේ සියල්ල නිසා මයික්‍රොසොෆ්ට් වැනි ගෝලීය සමාගමකට කාර්යක්ෂමව ක්‍රියා කිරීමට නොහැකි විය.