මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම මාර්ගයට ඉහළින් වූ තේ වත්තේ පස් කන්දක් මෙසේ මාර්ගයට කඩා වැටී ඇත්තේ. මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කරන තෙක් එම ස්ථානයේ රථවාහන ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා. පවතින වර්ෂාවත් සමග එම මාර්ගවල රථාවාහානක ධාවනය කිරීමේදි පස් කඳු කඩා වැටීමේ අවධනමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත්වන ලෙස නුවරඑළිය ආපදා කළමණාකරන ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.