පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා හමුවී තිබෙනවා. අමාත්‍යවරුන් දෙපළ සහ ලේකම්වරයා එහිදී නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පතිධූරයේ රාජකාරි සාර්ථකව ඉටුකිරීම සඳහා සුභාශිංෂන එක්කළ අතර පොලිස්පතිතුමන් ඔවුනට හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් පිළිගන්වා තිබුනා.