මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව රජය තහවුරු නොකරන්නේ නම් ඉදිරියේදී ජාත්‍යන්තරසයට පවා මේ පිළිබඳ දැනුවත් කිරීමට සිදු වන බව සමගි ජන බලවේගය පවසනවා.

මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව පිළිබඳ රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එක්සත් ජාතික සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන දැනුවත් කිරීමට සිදු වන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ.

පාතාල කණ්ඩායම් අතර සිදු වන නොයෙකුත් ආරවුල් හේතුවෙන් මෙම ඝාතන සිදු වන බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා පැවසුවේ ජනතාවගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාවද වර්තමාන රජය මේ වන විටත් තහවුරු කර තිබෙන බවයි.