Published
හැටන් නගරයේ ආපනශලා, සිල්ලර හා තොග වෙළදසල් සහ එළවළු වෙළඳසැල් හදිසි පරික්‍ෂාවකට ලක් කර තිබෙනවා.
ඒ, හැටන් දික්ඔය නගරසභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින්.
එහිදී අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්ගෙන ගිය ආපනශාලා රැසකට සහ නරක් වූ එළවලු සහ පදික වේදිකාව අවහිරවන සේ එළවලු අලෙවි කල වෙළෙදුන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම තොග සහ සිල්ලර වෙළදසැල් කිහිපයක්ද එහිදී පරික්ෂාවට ලක් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
විවිධ චෝදනා යටතේ වෙළඳසැල් කිහිපයකට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.




