පොසොන් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල් මෙතෙක් ලියාපදිංචි නොකළ සංවිධායකයින් අද පස්වරු 3:30 පෙර සිය දන්සැල ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම දන්සැල් සංවිධායකයින් තමන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටගොස් එලෙස ලියාපදිංචි විය යුතු බවයි.

දන්සැල්වල ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්බන්ධයෙන්ද සිය නිලධාරීන් වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.