Published
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල මංසන්ධිය ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයකට පැමිණි සොරෙක් එහි තිබූ කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.
එකම දිනක මෙම සොරා වෙළෙඳසැල් දෙකක භාණ්ඩ සොරාගෙන ඇති අතර එක් වෙළෙඳසැලක සොරකම් කර ඒ අසල තවත් වෙළෙඳසැලකට ගොස් එම වෙළෙඳසැළෙන් ද භාණ්ඩ සොරාගෙන ඇත.
පසුව එම වෙළෙඳසැලේ සේවකයින් මේ පිළිබඳව දැක මෙම පුද්ගලයාගේ බෑගය පරික්ෂා කර එහි තිබූ කිරිපිටි පිටතට ගෙන තිබෙනවා.
පසුව වෙළෙඳසැල් සේවකයින් සොරාට පහරදී එලවා දමා ඇති අතර භාණ්ඩ අලෙවි කරන පුද්ගලායෙකු මෙන් මෙම පුද්ගලයා වෙළෙඳසැල් තුලට ඇතුළු වී මෙම සොරකම් සිදු කර බව සදහාන් වනවා.