මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අගොස්තු මස 04 වනදා සිට 08 වනදා දක්වා අදාල විශේෂ දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ – මහනුවර, මාතලේ – මහනුවර සහ නාවලපිටිය – මහනුවර දුම්රිය ස්ථාන අතර එම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම විශේෂ දුම්රිය ධාවන කාල සටහන නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.