ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් 18වන වරටත් සංවිධානය කරන “මහනුවර පොත් දැක්ම – 2025” ප්‍රදර්ශනය අද ආරම්භ වනවා.

අලෙවි කුටි 100කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම පොත් ප්‍රදර්ශන කැන්ඩි සිටි සෙන්ටර්හීදී පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි.

එය ලබන 29 වනදා දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.

මෙරට පැවැත්වෙන දෙවන විශාලතම පොත් ප්‍රදර්ශනය වන “මහනුවර පොත් දැක්ම” සඳහා නෙත් එෆ් එම් රේඩියෝව සහ ෆොක්ස් එෆ් එම් මෙවරද නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.