දේපල සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
එහිදී සොරකම් කරන ලද යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම යතුරු පැදිය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් බවට අනාවරණය වී තිබෙනවා.
කොට්ටාව, කැස්බෑව සහ මහරගම පොලිස් වසම්වලදි සැකකරු විසින් සිදුකර ඇති ගෙවල් බිදුම් හා දේපල සොරකම් රැසක් ද අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සැකකරු විසින් සොරකම් කරන ලද රූපවාහිනියක්, කැමරාවක්, ජංගම දුරකථන 05ක් ඇතුළු දේපල රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.