හල්දුම්මුල්ල මහවංගුව ප්‍රදේශයේ රජයේ පයිනස් වගාව ආශ්‍රිතව අද ඇතිවූ ගින්නකින් අක්කර විස්සකට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පවසා තිබෙනවා.

හල්දුම්මුල්ල පොලිසිය වන ජීවී හා වනරක්ෂණ නිලධාරීන් මැදිහත්ව ගින්න නිවීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරුවද එම ප්‍රදේශයේ පවතින දැඩි ආනතිය හා සුළං හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම ඉතා අසීරුවීම හේතුවෙන් දියතලාව යුද හමුදා බට කණ්ඩායමෙද සහාය ලබා ගත් බව හල්දුම්මුල්ල පොලීසිය විසින් සදහාන් කර තිබෙනවා.

වල්හපුතැන්න මහවංගුව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුලින්ම පැතීරීගිය ගින්න මේ වන විට ගිනිගත්ගල ප්‍රදේශයටද පැතිර ගිය බව ද මේ දිනවල පවතින නියගය සමඟ බදුල්ල දිස්ත්‍රික්කය පුරා පසුගිය දිනවල මහපරිමාණ වනාන්තර ගිනිගැනීම් දහයකට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවද ඒවා මහත් පරිශ්‍රමයක් දරා මැඩපවත්වා ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහාන් කර තිබෙනවා.