මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගං ද්‍රෝණියේ පහළ නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුත්තූර් යන ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර මහ ඔය ද්‍රොණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, අලව්ව, කටාන, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවටද අධි අවදානම් ගංවතුරක් තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව පැති දෙකකින් ජල ගැලීම් අවදානමකට මුහුණ පා සිටිනවා.

මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්‍ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා ජලාශ සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙලෙස පැහැදිලි කළා.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ වාරි මාර්ග අධ්‍යක්‍ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.