පසුගියදා ඇතිවූ ගංවතුර හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලිමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක්ම ජලයෙන්ම යට වී බොහෝ දෙනා අවතැන්ව සිටිනවා.
ජලය බැස යෑමෙන් පසු හෙට්ටිපොල ගඟේ යාය ප්‍රදේශයේ සහ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතරගල්ලෑව ප්‍රදේශයේ විපතට පත්ව ඇති අකාරය දැක ගැනීමට හැකිව තිබෙනවා.
බොහෝම ජනතාව සඳහන් කළේ තවමත් ඔවුන් සුරක්ෂිතතා මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි.
එම මධ්‍යස්ථාන වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දේශවාසීන්ගේ සහාය ඇතිව ආහාර පාන ලබාදී ජීවත්වන බවයි.
ඇතැම් නිවෙස් හිමියන් සඳහන් කළේ තමන් ගේ ඇඳිවත පමණක් ඉතිරිව ජීවිත බේරාගත් බවයි.
ප්‍රදේශයේ ජනතාවට නැවත ජන ජීවිතය යහපත් කර ගැනීම සඳහා විශාල කැප කිරීම් කිරීමට සිදුවන බවත් බොහෝ දෙනෙකුට මේ වන තුරුත් ඇඳුම් පැළඳුම් සහ විසබීජ හරණ කිසිවක් ලැබී නැති බවද ඔවුහුන් පවසනවා.
තවත් අයගේ නිවාස සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී නිවාසද අහිමිවීම තිබීම විශේෂත්වයෙකි.
ඇළහැර අතරගල්ලෑව ප්‍රදේශයේ යුධ හමුදා සෙබළෙකුගේ නිවස මුළුමනින්ම ජලයට ගසාගෙන කැඩී ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකිව තිබෙනවා.
එම ජනතාව ඉල්ලා සිටින්නේ ඇදුම් පැළදුම් හා නිවාස පිරිසිදු කරගැනීමට සහයෝගය සහ දරුවන්ගේ පාසල් ගමනට අවශ්‍ය උපකරණ ලබා දෙන ලෙසයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව සහ රාජ්‍ය ආයතන බොහොමයක් වෙත ජනතාව වියලි ආහාර සහ අතවශ්‍ය දෑ පරිත්‍යාග කොට ඇති අතර ඒවා කළමනාකරණය කොට ජනතාවට බෙදාදීම සදහා කටයුතු සැකසෙමින් පවතිනවා.





