වර්තමාන රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා නිමල් සේනාධීර මහතා පත් කර තිබෙනවා.

ඒ පසුගිය ජුනි 16වනදායි

පසුගිය රජය විසින් පත් කරන ලද හිටපු මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31වන දින සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්.

රෝහිත බෝගොල්ලාගම මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජුනි 16දක්වා ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර හිස්ව පැවතුන අතර වර්තමාන නියෝජ්‍ය මහ කොමසාරිස් තනතුර හොබවන මනෝරි මල්ලිකාආරච්චි මහත්මිය වැඩබලන මහ කොමසාරිස් තනතුරේ කටයුතු කර තිබෙනවා.

අභිනව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ශ්‍රී ලංකා රජ්‍යතාන්තික සේවයේ නිලධාරියෙකු නොවුවද ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළපුරුදු උසස් නිලධාරියෙක්.

දශක දෙකකට අධික කාලයක් සේවා පළපුරුද්දක් ඇති ඔහු රාජ්‍ය පරිපාලනය ,අධ්‍යාපනය හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිලිබඳව මනා පළපුරුද්දක් ,දැනුමක් සහ අධ්‍යාපනයක් ලැබූ රජයේ ඉහල නිලධාරියෙක් වනවා.

සේනාධීර මහතා මිට ප්‍රථම දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ද සේවයේ නියුතුව සිටි නිලධාරියෙක් වන බවයි වාර්තා වන්නේ.