Published
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවමින් හිමිකම් පනත කෙටුම්පත සංශෝධනය කර ගැසට් පත්‍රයේ ඉතා ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වහාම එය ක්‍රියාත්මක කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
මෙම අදහස් පළ වුණේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.