හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට රැඳී සිටින කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. නවීකරණය කරන ලද කොළඹ, කුරුඳුවත්ත පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළා.