හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින්. අල්ලස් පනතේ 23 (අ) 1, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 127 (1) වූ සහ ඒ වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාලව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.