Published
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ "එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ" ලෙසයි.
පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.
තවද එසේ රෝහල් ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය
වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ




