ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවම අද දින විජේරාම නිල නිවසේදී හමුවී තිබෙනවා. මෙය විජේරාම නිල නිවසින් පිටවීමට සුළු වේලාවකට පෙර පැවැත්විණි. එහිදී වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව කතාබහක යෙදුණි. එම පැමිණීම සම්බන්ධයෙන් චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මැතිතිතුමන්ට ස්තූතිය පළකර තිබෙනවා තවද රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ද තමන් අතර පවතින දිර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කර තිබෙනවා මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම තුල සටහනක් තබමින් සදහන් කර සිටියේ විජේරාම නිල නිවස තුළ මා විසින් සිදු කරන ලද අවසන් රාජ්‍ය තාන්ත්‍රික නිල හමුව මෙය වන බවයි