ලොව අංක එකේ එක්දින ක්‍රිකට් පන්දු යවන්නාගේ කිරුළ ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණගේ නමින් ගිලිහී ගොස් තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහාරාජ් එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දු යවන්නා ලෙස කිරුළු පැලදීමත් සමගයි. ඕස්ටේ්‍රලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 05ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා මත ඔහුට මෙම ස්ථානය හිමි වුණා. මීට පෙරද දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් 2023 ෂක්‍ක්‍ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේදී ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්ව සිටියා. ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ නවතම ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ දෙවන ස්ථානයේයි. ශ්‍රී ලංකාවේම වනිඳු හසරංග නවතම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ පසුවනවා. මේ අතර දකුණු අප්‍රිකා - ඕස්ටේ්‍රලියා දෙවන එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.