පැවති ආපදා තත්ත්වය හමුවේ මහ කන්නයේ එළවලු වගාවෙන් සියයට 40කට පමණ හානි සිදුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එළවලු වගා හෙක්ටයාර 6,000කට හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ.

වගා කර තිබූ වී වගාවේද හෙක්ටයාර එක් ලක්ෂ 30,000කට පමණ හානි සිදුව තිබෙනවා.

බඩඉරිඟු වගාවේද හෙක්ටයාර 6,500කට පමණ හානි සිදුව ඇති අතර අතිරේක බෝග වගාවලින් හෙක්ටයාර 9,000කට පමණ හානි සිදුව තිබෙනවා. එය, සියයට 35ක ප්‍රතිශතයක් බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෙළඳපො තුළ පවතින එළවළු මිල ගණන් සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත් අමාත්‍ය, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.