Published
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ පවුල් 414ක පුද්ගලයින් 1921ක් ආපදාවට පත්ව ඇති බවත් වැලි කන්ද ප්‍රදේශයේ අතුරුදහන් වූ පුද්ගලයින් තිදෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිලි කරමින් ඒකනායක මහතා මේ බව සඳහන් කළ අතර එහිදී ඔහු කියා සිටියේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගං වතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වූ තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇති බවය.
මේ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ආපදා සහන කඳවුරු පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය




