Published
උතුරුමැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් අද දිනයේ මිලි මීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 24 සඳහා අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටද මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.
මෑත ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය ඉදිරි කාලසීමාව තුළ දිවයින පුරා ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.




