මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දැඩි අපහසුතාවන්ට ලක්ව ඇති ආකාරය අද නෙත් සැරයෙන් අනාවරණ කරනවා
වැලිගම කුඹල්ගම හන්දියේ සිට කළු කන්ද දක්වා පාරක් වෙනුවට තවමත් පඩිපෙළක් පැවතීම සහ එම පඩිපෙළ කැඩී බිඳී යාම නිසා ඔවුන් පීඩාවට පත්ව ඇතැයි පැවසෙනවා
තම ගම්මානයට යාමට ඇත්තේ පඩිපළක් හරහා පමණක් වීම නිසා ඒ හරහා වාහනයක් රැගෙන යාම සිදුකළ නොහැකි දෙයක් වනවා.
එලෙස කලින් කලට දේශපාලන පොරොන්දු ලබා දී තිබුණත් පඩිපෙළ වෙනුවට පාරක් ලබාදීමට කිසිදු දේශපාලනඥයෙකු හෝ බලධාරියෙක් කටයුතු කර නැහැ.
වැලිගම කුමල්ගම කළුකන්දය ජනතාවට තිබෙන කැඩුණු පඩිපෙළ වෙනුවට එය මාර්ග කොටසක් ලෙසට සංවර්ධනය කෙරෙන්නේ නම් ඔවුන්ට විශාල සේවාවක් වනු ඇත
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




