Published
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරවක පැලවත්ත හරහා පරගල පාර භාවිත කරන ජනතාව මුහුණපා සිටින ගැටළුවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා
පරගල පාරේ අන්නාසිගල හරහා අළු වෙන වැලිව දක්වා ගමන් කළ හැකි මාර්ගයේ ඉදිකිරීම් 99% ක් පමණ අවසන් වුවද ගම් දෙක යා කිරීම සඳහා තවත් මීටර් දහයක පමණ කොටසක් ඉතිරිව තිබීම නිසා මෙම මාර්ගය භාවිත කිරීමට නොහැකි බවයි පැවසෙන්නේ.
දේශපාලන අධිකාරියෙන් මීට පෙර විවිධ අවස්ථාවල ප්‍රතිපාදන ලබා දී මෙම මාර්ගයේ ඉදි කිරීම සිදුවුවද වැඩ අවසන් කර ගැනීමට ඇති බාධාව ඉවත් කරදෙන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටිනවා
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




