මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත සැලගම ජනතාව මුහුණපා සිටින ප්‍රවාහන දුෂ්කරතාවක් පිළිබඳ අද නෙත් සැරයෙන් කරුණු වනාවරණ කරනවා.

විවිධ කාර්යයන් සඳහා දිනපතා මාතලේ නගරයට ඒමට අවශ්‍යතාව ඇති ජනතාවට උදෑසන කාලයේ ධාවනය වියයුතු බස්රථ නිසි පරිදි ධාවනය නොකිරීම නිසා මෙලෙස අපහසු තාවට ලක්ව ඇතැයි ජනතාව මැසිවිලි නගනවා.

මාතලේ ඩිපෝවේ බලධාරීන්ට මේ පිළිබඳව පැමිණිලි සහ ඉල්ලීම් කර තිබුණද ඒවාට සාධාරණ විසඳුමක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.