මාතලේ දිස්ත්‍රික්කයේ මඩවල උල්පත ආටිස්මලේ ප්‍රදේශයේ සැමට සෙවන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන මගින් සිදු කෙරුණු නිවාස ව්‍යාපෘතිය මේ වන විට අසාර්ථක වී ඇති වී ඇති ආකාරය අද නෙත්සැරයෙන් පෙන්වා දෙනවා.
නිවාස නොමැති උදවියට රජයෙන් ඉදි කෙරුණු නිවාස ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් රාජ්‍ය දේපළ විනාශ වී යාමක් සහ රාජ්‍ය දේපළ අව භාවිතාවක් සිදුවන අයුරු ගම්වාසීන් පෙන්වා දෙනවා
රජයෙන් ලැබුණු නිවාසයේ අව භාවිතා කර ඇති ඒවා පිළිබඳ විධිමත්ව විමර්ශනය කර ඒ පිළිබඳව කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතුයි.
මාතලේ ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිවාස සංවර්ධන අධිකාරිය ආදී රාජ්‍ය ආයතන මගින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම කනස්සල්ලට කරුණක්.
කෙසේ වෙතත් මාතලේ ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා දැනුවත් කිරීමට නෙත් නෙත්සැරය කටයුතු කළා
එම දැනුවත් කිරීමෙන් අනතුරුව රජයෙන් නිවාස හිමි විය යුතු සැබෑ අවශ්‍යතාවය ඇති අයට නිසි පරිදි නිවාස ලබාදීමටත් මාතලේ උල්පත ආටිස් මලේ සිදුව ඇතැයි කියන අක්රමිකතව පිළිබඳ විමර්ශනය කර අදාල ක්‍රියාමාර්ග ගැනීමටත් බලධාරීන් කටයුතු කරන්නේද නෙත්සැරය විමසිල්ලෙන්
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.