නාඋල තලාගොඩ ඇලගමුව ප්‍රදේශයේ නිවසක සිදුවු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවු අයෙකුට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ මරණ දඩුවම් නියම කර තිබෙනවා
මෙසේ මරණ දඩුවට ලක් වුයේ තලාගොඩ හන්දිය ඇලගමුව පදිංචි පහලඅරම්පළගෙදර පුංචි බණ්ඩා නැමති (59) අයටය.
2012 වසරේ සැප්තැම්බර් මස 17 දින තුවක්කුවකින් වෙඩි තබා තලාගොඩ ඇලගමුව පදිංචි කොස්ලන්දගෙදර කරුණාරත්න යන තිදරු පියෙකු මරණයට පත් කිරිම චෝදනාව යටතේ විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් 2013 වසරේ අධි චෝදනා ගොනු කළ තිබුණේය.
නඩු වාරය අතරතුරු දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන් මියගොස් ඇති අතර සිව්වෙනි විත්ති කරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමට මහාධීකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම විත්තිකරුන් විසින් මරණකරුගේ නිවසට පැමිණ මෙම මරණය සිදු කර ඇති අතර ඉඩම් ආරාවුලක් නිසා පිරිස අතර ඇතිවු විරසයක් මෙම මරණයට හේතු වි ඇති බව අනාවරණය වි තිබේ.
මෙම නඩුවේ ඇසින් දුටු සාක්ෂීකිරුවන් ලෙස මරණකරුගේ බිරිද සහ පුතෙකු අධීකරණයේ සාක්ෂී දි තිබිණි.
මෙම මරණය සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ තිස් දෙවන වගන්තිය සමඟ කියවිය යුතු දණ්ඩ නිති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු මිනිමැරීමේ වරද සිදුකිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු බවට විනිසුරුවරයා නියෝග කළේය.
මෙම නඩුවේ විමර්ශන නිලධාරින් ගෙස එවකට නාඋල පොලිස් ස්ථනාධිපති එච්.ඒ ධනපාල මහතා කටයුතු කර ඇති අතර මරණයේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මහ රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.පි.පි ප්‍රේමසිංහ මහතා විසින් සිදු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ ශශීකලා කුමාරි හේවගේ මහත්මිය අධීකරණය හමුවේ කරුණු දැක්වු අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නිතිඥ මොහාන් විරකොන් මහතා පෙනි සිටියහ.




